බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත්ගේ සියදිවි නසාගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් බොලිවුඩ් රංගන ශිල්පී සල්මාන් ඛාන් සහ චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් වන කරන් ජොහාර්, සංජේ ලීලා බන්සාලි සහ එක්ටා කපූර් යන අයට එරෙහිව නඩු පවරා තිබේ.
සුෂාන්ත් සිං ගේ මරණය සම්බන්ධයෙන් ඉන්දියානු දණ්ඩ නීති සංග්‍රහයේ 306, 109, 504 සහ 506 වගන්ති යටතේ නීතිඥවරයෙකු විසින් මෙම පැමිණිල්ල ගොනු කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ.
පැමිණිලිකරු කියා සිටියේ මෙම පුද්ගලයින් කුමන්ත්‍රණයක් සිදුකොට සුෂාන්ත් රඟපෑ චිත්‍රපට නිකුත් කිරීමට ඉඩ නොදුන් බවත්, මෙම පුද්ගලයින් නිසා අභාවප්‍රාප්ත නළුවාට චිත්‍රපට උත්සව සඳහා පවා ආරාධනා නොකළ බවයි.
“පැමිණිල්ලේ දී මම චෝදනා කර තිබෙනවා සුෂාන්ත් සිං රාජ්පුත් ගිවිසුම් ගතව තිබු චිත්‍රපට හතකින් ඔහුව ඉවත් කර තිබෙනවා කියා. ඒ වගේම ඔහු රඟපෑ ඇතැම් චිත්‍රපටි තිරගත වීමට තිබු අවස්ථා වළක්වා තිබෙනවා. එවැනි තත්වයක් නිර්මාණය වූ නිසා ඔහු මෙවැනි තීරණයක් ගැනීමට සිදුවුවා” මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම නීතිඥවරයා පවසා සිටියා.
සුෂාන්ත්ගේ කම්පන සහගත අභාවයෙන් පසුව, කන්ගනා රනාත්, අභිනව් කාශ්‍යප්, ප්‍රකාශ් රාජ් ඇතුළු තවත් ඉන්දියානු සිනමාකරුවන් කිහිප දෙනෙකු සිනමා කර්මාන්තයේ ඇති මෙවැනි ගැටළු සම්බන්ධයෙන් සිය අදහස් පළකර තිබෙනවා.