බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ගමන් කරමින් සිටි මෝටර් රථය අනතුරකට ලක්ව තිබෙනවා. මෙම අනතුර සිදුවන අයුරු දැක්වෙන වීඩියෝවක් ද මේ වන විට අන්තර්ජාලයට එක් කොට ඇත.
පාර්ලිමේන්තු සැසි වාරය අවසන් කොට යළි සිය නිවස බලා යමින් සිටි අගැමැති බොරිස් ජොන්සන් රැගත් මෝටර් රථය ඉදිරිපසට එකවර වීරෝධතාකරුවන් පිරිසක් දිව ඒමත් සමග රියදුරු රථය නවත්වා ඇත. එම අවස්ථාවේදී අගමැතිවරයාගේ වාහනය පසුපසින් පැමිණි ආරක්ෂක භටයින් රැගත් මෝටර් රථය අගමැතිවරයාගේ මෝටර් රථයේ ගැටී ඇත.
මෙම අනතුර සම්බන්ධයෙන් අදහස් දක්වමින් අගමැතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ සිදුවූ අනතුරෙන් අගමැති බොරිස් ජොන්සන්ට හෝ වෙනත් කිසිවෙකුට අනතුරක් සිදුව නොමැති බවත් මෝටර් රථයට පමණක් සුළු අලාභ හානියක් සිදුවී ඇති බවයි.
Bois Johnson in car crash at Parliament. Just now. Security drives into back of his car as Kurdish protester runs into road. pic.twitter.com/k1kCplzyZ5
— Steve Bray #HoldThemToAccount (@snb19692) June 17, 2020