සංගක්කාර නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩාංගණය වසර 20 කට මගෙන් බද්දට ඉල්ලුවා

June 17, 2020 at 12:27 PM

නුවරඑළියේ පිහිටි ගොල්ෆ් ක්‍රීඩාංගනය වසර 20 ක කාලයක් සඳහා තමන්ට ලබා දෙන ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර තමන්ගෙන් ඉල්ලා සිටිය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බි. දිසානායක ප්‍රකාශ කර සිටිනවා.

ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ කණ්ඩායම් නායකත්වයට තමන් පත්වූ බවට දැන ගැනීමෙන් අනතුරුව සංගක්කාර තමන් හමුවීමට පැමිණ එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ජා කළ බවයි හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ.

” සංගක්කාර ගේ අදහස තමයි එයාට වසරකට ගොල්ෆ් ක්‍රීඩා කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලක්ෂ 10ක් ගෙනන්වන්න පුළුවන් කියන එක. එය තමන්ට කළ හැකි බව ඔහු තාර්කිකව ප්‍රකාශ කර සිටියා. ඇත්තටම ඒ ව්‍යාපෘති වාර්තාව අධ්‍යනය කළාම ඒක අත්තක් බව මටත් පෙනී ගියා.

එහෙම කරන්න හැකි උනොත් ලංකාවට හොද විදේශ විනිමයක් ගලා එනවා කියන එක සහතිකයි.

නුවරඑළියේ රේස් කෝස් එකට උඩින් තියෙනවා ලවර්ස් ලීප් කියලා වත්තක්. ලවර්ස් ලීප් වත්තේ ලස්සන වැවක් තියෙනවා. ඒ වටේට පොඩි පිට්ටනියක් හැදුවා. නමුත් ඒක දියුණු කර ගන්න බැරි උනා.

ඉදිරි කාලයේදී ලවර්ස් ලීප් ක්‍රීඩාංගණය හැදුවොත් ඒක ලෝකේ හයි ඇටිටියුඩ් ට්‍රේනිං වලට හොඳම පිට්ටනි දෙක තුනෙන් එකක් බවට පත්වනවා. මේකට අපිට ජාත්‍යන්තර වශයෙන් වැදගත් වනවා” හිටපු මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවකට ඒක වෙමින් මේ බව කියා සිටියා.