ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ධුරය දිවංගත ආරුමුගන් තොණ්ඩමන් ගේ පුත් ජිවන් තොණ්ඩමන් වෙත පිරි නැමිමට එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය අද (17) දින තිරණය කර ඇත.
හැටන් කොටගල ලංකා කම්කරු කොංග්‍රස් පදනම් කාර්යයාලයට එක් රැස් වු එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයින් එම පක්ෂයේ මහ ලේකම් ධුරය ජිවන් තොණ්ඩමන්ට ලබා දිමට ඒකමතිකව තිරණය කර ඇත.
ලංකා කම්කරු කොංග්‍රසයේ මෙතෙක් මහ ලේකම් ධුරය දැරු අනුෂා සිවරාජ් එම පක්ෂයේ උප සභාපති ධුරයක් පිරිනැමිමට දේශපාලන මණ්ඩලය ඒකමතිකව තිරණය කර ඇත.
ආරුමුගම් තොණ්ඩමන්ගේ අභාවයෙන් පසු හිස්වූ ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති ධුරයට මෙතෙක් කිසිවෙකුත් පත් කර නොමැත.