සිය පවුලේ ඇතිවූ ගැටලුවක් හේතුවෙන් ප්‍රාදේශීය මාධ්‍යවේදිනියක් සිය සිරුරට ගිනි තබාගෙන මියගොස් තිබෙනවා. මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ තිලිණි පවිත්‍රා නම් ප්‍රාදේශීය මාධ්‍යවේදිනියක් බවයි වාර්තා වන්නේ.
කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකාරිණියක් වන ඇය පවුල් ආරවුලක් හේතුවෙන් මිට දින කිහිපයකට පෙර සිය සිරුරට ගිනි තබාගෙන ඇති අතර ඇතිවූ දැඩි පිළිස්සුම් තුවාල හේතුවෙන් ඊයේ දිනයේදී මියගොස් ඇත.