ඉන්දු – චීන දේශ සීමාවේ ඇතිවූ ගැටුම්කාරී සිදුවීමෙන් ඉන්දීය යුධ හමුදා සාමාජිකයින් 20 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. එලෙස මියගොස් ඇති හමුදා සාමාජිකයින් අතර හමුදා කර්නල්වරයෙක් ද සිටින බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ. මෙම ගැටුමෙන් චීන යුධ හමුදාවේ සාමාජිකයින් 43 දෙනෙකුටද තුවාල සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
හිමාල කඳුකරය ආශ්‍රිතව පිහිටි මතභේදයට තුඩුදී තිබෙන ගැල්වාන් නිම්නයේ පිහිටි අක්සායි චීන-ලඩාක් ප්‍රදේශයේදී මෙම ගැටුම ඊයේ (15) වෙනිදා රාත්‍රියේ ඇතිව තිබෙන බවයි වාර්තා වන්නේ.