කංචිපානි ඉම්රාන්ගේ පියාට පිහියෙන් අණි

June 17, 2020 at 8:03 PM

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන කංචිපානි ඉම්රාන් ගේ පියාට මාළිගාවත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් ඇණ තුවාල සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න ප්‍රකාශ කර සිටිනවා.

අද සවස මෙම සිදුවීම සිදුවී ඇති අතර තුවාලකරු මේ වන විට රෝහල් ගත කොට තිබෙනවා. සිද්ධියට සම්බන්ධ සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.