බන්ධනාගාර නිලධාරින් සහ රැඳවියන් ගැන තොරතුරු දෙන්න විශේෂ දුරකථන අංකයක්

June 16, 2020 at 3:57 PM

බන්ධනාගාර නිලධාරින් සහ රැඳවියන් ගෙන් සිවිල් මහජනතාවට යම් පිඩාවක් හෝ ගැටළුවක් එල්ල වන්නේ නම් ඒ සම්බන්ධයෙන් ජනතාවට සෘජුවම බන්ධනාගාර බුද්ධි ආරක්ෂක ඒකකයට දැනුම් දීමට හැකි දුරකථන අංකයක් ලබා දෙනු ලැබුවා.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය විසින් ප්‍රකාශ කලේ 0112678600 යන දුරකථන අංකය ඔස්සේ ජනතාවට ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම සිදුකළ හැකි බවයි.

තොරතුරු ලබා දීමේදී අදාළ පුද්ගලයින්ගේ අනන්‍යතාවය සම්බන්ධයෙන් සහතික වන බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ.

ඉදිරියේදී සියලුම බන්ධනාගාර තුළ CCTV කැමරා පද්ධති සවි කිරිමට අවශ්‍ය පියවර ගන්නා බවත් ප්‍රශ්නගත බන්ධනාගාර ආශ්‍රිතව ජංගම දුරකථන සංඥා අවහිර කිරිමේ ජෑමර් සවි කිරීමටද බලාපොරොත්තු වන බවයි මෙහිදී බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ.