අර්ජුන් මහේන්ද්‍රන් නම වෙනස් කරලා : නීතිපතිවරයා අධිකරණයට දැනුම් දෙයි

June 16, 2020 at 10:33 AM

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්‍යාවශ්‍යව සිටින ප්‍රධාන සැකකරුවෙකු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිය නම වෙනස් කොට ඇති බවට නීතිපතිවරයා විසින් ත්‍රිපුද්ගල මහාධිකරණය වෙත දැනුම් දී සිටිනවා.

නීතිපතිවරයා විසින් අධිකරණයට දැනුම් දී ඇත්තේ ජාත්‍යන්තර පොලිසිය විසින් තමන් වෙත ඒ සම්බන්ධයෙන් දැනුම් දුන් බවත් අර්ජුන් මහේන්ද්‍රන් සිය නම හර්ජන් මහේන්ද්‍රන් ලෙස වෙනස් කොට තිබෙන බවයි වැඩිදුරටත් කරුණු දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ.