ඉතිහාසය වෙනස් කළ හමුදා උසස්වීම

June 14, 2020 at 11:56 AM

මෙරට 11 වන හමුදාපතිවරයා වූ ලුතිනන් ජෙනරාල් හැමිල්ටන් වනසිංහ මහතාගේ පුත් ඩබ්ලිව්.ඒ.එස්. සංජය වනසිංහ මහතා මේජර් ජනරාල් ධුරයට උසස් කරනු ලැබ තිබෙනවා.

රටේ සේනාවිධායකවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම උසස් වීම සිදු කර තිබෙනවා.

හමුදා ඉතිහාසයේ හිටපු යුද හමුදාපතිවරයකුගේ පුතකු මේජර් ජෙනරාල් ධූරය දක්වා උසස්වීම ලැබූ පළමු අවස්ථාව මෙය ලෙස. ඉතිහාසගත වනවා.

ආධුනික කැඩේට් නිලධාරියෙකු ලෙස සංජය වනසිංහ මහතා යුද හමුදාවට බැදෙනුයේ සිය පියා වන හැමිල්ටන් වනසිංහ මහතා යුද හමුදාපතිවරයාව සිටි සමයේදීයි.

සංජය වනසිංහ මහතා හට ඊට අදාළ නිල පැවරීම පවා සිදු කරනුයේ පියා වන යුද හමුදාපති හැමිල්ටන් වනසිංහ මහතා විසින්ය.