කල්බදු සමාගමක සේවකයින් පිරිසක් යැයි කියන කණ්ඩායමකගේ අමානුෂික පහර කෑමකින් ඝාතනයට ලක් වූ ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික තී්රරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද (14) පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. ඒ, කැස්බෑව පොදු සුසාන භූමියේදීයි.
සුනිල් ජයවර්ධන මහතාට ගෞරවයක් දැක්වීම පිණිස, අද පස්වරුවේ විනාඩි 30 ක කාලයක් සදහා තී්රරෝද රථ ධාවනයෙන් ඉවත්වීමටයි තී්රරෝද රථ සංගම් සූදානම් වන්නේ. අද සවස 2.30 සිට 3.00 දක්වා එම අවස්ථාවට එක් වන්නැයි සියලු ත්රීරෝද රථ රියදුරන්ගෙන් ඉල්ලීමක් කරන බවයි සඳහන් කෙරුණේ.
සුනිල් ජයවර්ධන මහතා වෙනුවෙන් නිසි ගෞරවය හිමි විය යුතු බවයි සමස්ත ලංකා තී්රරෝද රථ හිමිකරුවන්ගේ සහ රියදුරන්ගේ සංගමයේ ප්රචාරක ලේකම් කපිල ගලපිටගේ පැවසුවේ