කටුනායක ගුවන් තොටුපොළ අගෝස්තු මස 01 වෙනිදාට පෙර විවෘත කිරිම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇති බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කර සිටිනවා.
ගුවන් තොටුපොළ විවෘත කිරිමට පෙර ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් පසුවන විදේශ ගත ලාංකිකයින් සියලු දෙනාම යලි ගෙන්නා ගන්නා බවයි ඇමතිවරයා කියා සිටියේ.
අගෝස්තු මස 01 වෙනිදාට පෙර එය විදේශ ගතව සිටින ලාංකිකයින් යලි ගෙන්වා ගැනීම සිදුකළ හැකි බව පැවසූ ඇමතිවරයා නිරෝධායන මධ්‍යස්ථානවල ඇති ඉඩකඩ මෙහිදී ප්‍රධාන සාධකයක් වන බවද කියා සිටියා.
මේ වන විටත් 10,000 කට ආසන්න පිරිසක් ලංකාවට රැගෙනවිත් ඇති බවත් තවත් පැමිණීමට 20,000 කට ආසන්න පිරිසක් අපේක්ෂාවෙන් පසුවන බවද කියා සිටියා.
සංචාරකයන් සඳහා ගුවන් තොටුපොළ විවෘත කිරිමෙන් පසුව මෙරටට කණ්ඩායම් වශයෙන් සංචාරකයින් ගෙන්වා ගැනීමට අවධානය යොමු කර ඇති බවත් පැමිණෙන සියලු දෙනාම PCR පරීක්ෂණයන්ට ලක් කෙරෙන බවද කියා සිටියා.
ඔවුන්ට රට තුලට පැමිණීමට අවසර හිමිවන්නේ සිදුකරනු ලබන වෛද්‍ය පරීක්ෂණයේ ප්‍රථිපල අනුව බවයි මෙහිදී ඇමතිවරයා කියා සිටියේ.