සුරසැප විදින මීගමුව බන්ධනාගාරයේ සිරකරුවන් (PHOTOS)

June 13, 2020 at 8:10 AM

මීගමුව බන්ධනාගාරය තුල සිරදඬුවම් විදින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් සිය මුරකුටි සුපිරි හෝටල් කාමර මෙන් පරිවර්ථනය කර ගෙන සිටින්නේ කෙසේද යනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

” අරුණ” පුවත්පතේ ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු විසින් මිගමුව බන්ධනාගාරයේ සිදුවෙන අකටයුතුකම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ජාවාරම්කරුවන් දෙදෙනෙකු එහි ගත කරන දඬුවමක් නොවන සුපිරි ජිවන රටාව ගැන හෙළිකර තිබුනේ ඔවුන්ගේ මුරකුටි තුළ ජයාරූපද සමගින්ය.

අරුණ පුවත්පතේ මෙම පුවත පළවීමත් සමග අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම විමර්ශනය ආරම්භ කොට ඇති බවයි වාර්තා වන්නේ.