ගම්පහ දිස්ත්‍රික්කයේ පෙරහුරු මැතිවරණය හෙට

June 12, 2020 at 4:20 PM

ඉදිරි මහ මැතිවරණයට පෙර සෞඛ්‍ය නිරෝධායන විධිවිධාන අනුව ඡන්දය පාවිච්චි කළ යුත්තේ කෙසේද යන්න දැනුවත් කිරීම සඳහා ගම්පහ දිස්ත්‍රික් ඡන්ද දායකයන් වෙනුවෙන් පැවැත්වෙන පෙරහුරු මැතිවරණයක් හෙට (13) මීගමුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේදී පැවැත්වෙන බව ගම්පහ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී, දිසාපති සුනිල් ජයලත් ප්‍රකාශ කර සිටිනවා.

හෙට පෙරවරු 10 සිට පස්වරු 12.30 දක්වා කාලය තුළ මෙම පෙරහුරු මැතිවරණය පැවැත්වෙන අතර මේ සඳහා සෞඛ්‍ය අංශ නිලධාරීන්, මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් හා පොලිස් නිලධාරීන් සහභාගි වන බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මෙම පෙරහුරුව සඳහා ඡන්ද දායකයන් ලෙස 200 දෙනෙකු සහභාගි වීමට නියමිතව ඇත.