ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන ඝාතනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 8 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මිරිහාන ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික කල්බදු ආයතනයකින් මිලදී ගනු ලැබූ ත්‍රිරෝද රථයක වාරික මුදල් ගෙවීම සම්බන්ධයෙන් ඇතිව තිබු ගැටළුවක් නිරාකරණය කර ගැනීමට යාමේදී ඔවුන් අතර බහින්බස් වීමක් ඇතිවූ බවයි වාර්තා වන්නේ.
එහිදී එම ෆිනෑන්ස් ආයතනයේ සේවකයින් පිරිසක් විසින් මරණකරුට පහරදී ඇති අතර ඇතිවූ බරපතල තුවාල හේතුවෙන් ඔහුව කළුබෝවිල රෝහලට ඇතුලත් කිරිමෙන් පසු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
පහර දීමෙන් ජිවිතක්ෂයට පත්වූ සුනිල් ජයවර්ධන එම කල්බදු ආයතනයේ නිලධාරින් සමග සිදුකළ සාකච්ජා කරමින් සිටියදී ගනු ලැබූ වීඩියෝව පහතින් :
https://www.facebook.com/100010476810909/posts/1177224372636779/?d=n
මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ද ඔහු විශේෂ ඉල්ලීමක් කරනවා. ඒ කල් දු ආයතන මැරයන් යොදා වාහන පැහැරගැනීම සිදු කිරීම නවත්වන ලෙසයි.