පොලිස් අත් අඩංගුවට ගැනීමේදී මියගිය ජෝජ් ෆ්ලොයිඩ් ගේ දේහය රන් දෙණක තැන්පත් කරයි.එවන් ගෞරවයක් ලද ඇමෙරිකාවේ තුන්වැන්නා

June 11, 2020 at 12:26 AM

පසුගිය දා ඇමෙරිකාවේ මිනසෝටා හිදී පොලිස් නිලධාරියෙකු ගේ අඩන්තේට්ටම් හේතුවෙන් මියගිය ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ අවසන් කටයුතු ඊයේ සිදුවිය .

ඔහුගේ දේහය තැන්පත් කෙරුණේ රන් ආලේපිත දෙණක වීම විෂේශත්වයකි.

ඇමෙරිකාවේ මීට පෙර එවැනි ගෞරවයක් ලද්දේ සුපිරි ගායක මයිකල් ජැක්සන් හා සුපිරි සංගීතවේදී ජේම්ස් බ්‍රවුන් පමණි.

ෆ්ලොයිඩ් ගේ රන් දෙණ ඇමෙරිකානු ඩොලර් 20,000-40,000ත් අතර මුදලක් වැයකොට නිමකරන ලද්දේය..

මයිකල් ජැක්සන් ගේ දේහය තැබූ දෙණ ඩොලර් 25000ක් වැයකර තැනූ එකක් විය.

ෆ්ලොයිඩ් ගේ දෙණ සඳහා වියදම් කර තිබුණේ එරට හිටපු ජනප්‍රිය බොක්සිං ක්‍රීඩකයෙකු වන ෆ්ලොයිඩ් මේවෙදර් ය.