නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරිම සඳහා රට අඟුළු දමා තිබු කාල සීමාවේදී මාර්තු සහ අප්‍රේල් මාසය සඳහා වූ විදුලි බිල්පත් අය කිරීමක් සිදු නොකරන බවට හිටපු විදුලිබල රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කළ ප්‍රකාශයක් මේ දිනවල සමාජ මාධ්‍ය වල හුවමාරු වනවා.
හිටපු අමාත්‍යවරයා රූපවාහිනී දේශපාලන වැඩසටහනකදීයි එම ප්‍රකාශය සිදුකර තිබුණේ.
කෙසේ නමුත් විදුලි බල මණ්ඩලය පැවසුවේ එවන් තීරණයක් රජය ගෙන නොමැති බවයි.
මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී හිටපු විදුලිබල රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කර සිටියේ තමන් එම ප්‍රකාශය මගින් අදහස් කලේ විදුලි බිල සම්පුර්ණයෙන්ම අය නොකර සිටීමක් ගැන නොවන බවයි.
මාර්තු සහ අප්‍රේල් මාසයන් සඳහා වන විදුලි බිල්පත් පාරිභෝගිකයින්ට ලබාදී ඇති බවත් එම බිල්පත් පියවීමට සහන කාලයක් ලබාදී ඇති බව පමණක් එම ප්‍රකාශයෙන් අදහස් වූ බව ඔහු පවසනවා.
හිටපු රාජ්‍ය අමාත්‍යවරයා අදාල දේශපාලන වැඩ සටහනේ දී සිදුකළ ප්‍රකාශය 👇
මාර්තු සහ අප්‍රේල් මාස වලට විදුලිබිල අය කරන්නේ නෑ. මහින්දානන්ද අලුත්ගමගේ කියයි
Posted by Sujeewa Senasinghe on Tuesday, 9 June 2020