ජාතික ත්‍රිරෝද සංගමයේ සභාපතිට පහර දී ඝාතනය කරයි

June 11, 2020 at 8:35 AM

ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මිය යන විට ඔහු 53 වන වියේ පසුවුවා.

මිරිහාන ප්‍රදේශයේ දී මෙම පහර දීම සිදුව ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 06 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කලේ.