ජපුර සරසවියේ “පසිදු” පුර්ණ සුවය ලබයි

June 11, 2020 at 8:42 PM

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේදී නවක වදයට ගොදුරුවී හිසට බරපතල තුවාල ලබා මාස 03 කට අධික කාලයක් රෝහල් ගතව සිටි පසිදු හිරුෂාන් ශිෂ්‍යයා සම්පුර්ණ සුවය ලබා කොළඹ ජාතික රෝහලෙන් අද පිටත්ව ගොස් තිබෙනවා.

පසුගිය මාර්තු මස 05 වෙනිදා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ක්‍රිඩාගාරය අසලදී ටයරයක් හිස මත පතිත වීමෙන් හිස් කබලට සහ මොළයට ඇතිවූ බරපතල හානි හේතුවෙන් ඔහුව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරනු ලැබුවා.

කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු හෙද කාර්ය මණ්ඩලයේ දැඩි උත්සාහය සහ කැපවීම මධ්‍යයේ ප්‍රතිකාර ලැබූ පසිදු හිරුෂාන් සුවය ලබා අද දින රෝහලෙන් පිටව ගියේ දින 96 කට ආසන්න කාලයක් රෝහලේ ප්‍රතිකාර ලැබීමෙන් පසුවය.

පසිදු හිරුෂාන් ශිෂ්‍යයාට නවකවදය පැමිණවීමේ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ සිසුන් 06 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමෙන් පසුව ඇප මත නිදහස් කරනු ලැබුවා.