කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් 30 දෙනෙක් නිරෝධායනයට යොමු කර තිබෙනවා.
අමෙරිකානු තානාපති කාර්යාලය අසලදී පෙරටුගාමී පක්ෂය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණය මැඩ පැවැත්වීමේ රාජකාරියේ මෙම පොලිස් නිලධාරින් යෙදී සිටියා.
මෙලෙස නිරෝධායනය සඳහා යොමු කළ පොලිස් නිලධාරින් පිරිස අත්තිඩිය ප්‍රදේශයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කර තිබෙනවා.