සොයිසාපුර වෙඩි තැබීමේ සිද්ධියේ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

June 10, 2020 at 12:39 PM

ගල්කිස්ස සොයිසාපුර ප්‍රදේශයේ හෝටලයකට වෙඩි තැබීමට පැමිණි මෝටර් රථය සහ සැකකරුවෙකු ඊයේ (09) රාත්‍රි 11.45ට පමණ අත්අඩංගුවට පත්ව තිබෙනවා. ඒ පිළියන්දල පොලිස් වසමේදී.

පසුගිය මැයි 19 වැනිදා සහ 29 වැනි දා අදාළ හෝටලයට අනර්ථය සිදු කිරීම සහ වෙඩි තැබීම සම්බන්ධයෙන් බස්නාහිර බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදු කළ විමර්ශනයකදී මෙම වෙඩි තැබීමට පැමිණි කාර් රථය සහ එහි රියදුරු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.