සමගි ජන බලවේගයේ නාම යෝජනාවන්ට එරෙහිව ගෙනා පෙත්සම නිෂ්ප්‍රභ කරයි

June 9, 2020 at 1:52 PM

සජිත් ප්‍රේමදාස ගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය පක්ෂය විසින් ඉදිරි මහමැතිවරණය සඳහා භාර දී තිබෙන නාමයෝජනා පත්‍ර අහෝසි කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කරන ලද පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරනු ලැබුවා.

බුවනෙක අලුවිහාරේ, එල්.ටී.බී දෙහිදෙණිය සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර සිටියා.

මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයෙකු වන ඔෂල හේරත් විසින්.