මනාප අංක ඇතුලත් ගැසට් පත්‍රිකාව රජයේ මුද්‍රණාලයට

June 9, 2020 at 9:53 AM

මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාරදී ඇති අපේක්ෂකයින්ගේ මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාවෙන් තමන් වෙත ලැබී ඇති බව රජයේ මුද්‍රණාලාධිපති ගංගා කල්පනී ලියනගේ ප්‍රකාශ කර සිටිනවා.

මේ වන විට මනාප අංක ඇතුලත් ගැසට් නිවේදනය පළ කිරිම සඳහා වන කටයුතු සිදු කෙරෙමින් පවතින බවයි ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.