බෝරා නායකයා ඇතුළු 45 දෙනෙකුට ලංකාවට ඒමට අවසර

June 9, 2020 at 7:23 AM

ඉන්දියාවේ මුම්බායිහි රැඳී සිටින බෝරාවරුන්ගේ ආධ්‍යාත්මික නායක ආචාර්ය සයිඩ්නා මෆාඩාල් සයිෆුඩීන් ඇතුළු අනුගාමිකයින් 45 දෙනෙකු මෙරටට පැමිණීම සඳහා අවසර ලබාදෙන්නැයි ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ සඳහා අවසර ලබාදී තිබෙන බවත්, යුධ හමුදා අධීක්ෂණය යටතේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුව ඔවුන්ව බණ්ඩාරවෙල පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කරන බවත් ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ සඳහන් කළේ.