ප්‍රශ්න කිරිමට අවශ්‍යව සිටී පුද්ගලයෙකු නිවසේ නොසිටීම හේතුවෙන් අදාළ පුද්ගලයාගේ 14 හැවිරිදි පුත්‍රයා පොලිසියට රැගෙන යාමේ පුවතක් පසුගියදා ඇල්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වුණා.
එම අත්දැකීමට මුහුණ දුන් එම දරුවා පළමු වරට තමන්ට මුහුණ දීමට සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත කියා සිටියා.
සිදුවීම වූ අවස්ථාවේදී නිවසේ සිය දෙමව්පියන් දෙදෙනාම නොසිටි බවත් එක්වර සිවිල් ඇඳුමින් සැරසී සිටි පොලිස් නිලධාරින් දෙදෙනෙක් අතේ පොල්ලක් සහ සවලක්ද රැගෙන විත් තමන් ගෙන් පියා ගැන විමසු බව ඔහු කියා සිටියා.
පියා නිවසේ නොසිටි නිසා තමන් පොලිස් නිලධාරීන්ට ඒ ගැන දැන්වූ බවත් පසුව ඔවුන් තමන්ට පොලිසියට යාමට සුදානම් වන ලෙස දැන්වූ බව ඔහු කියා සිටියා.
නිවසේ වැඩිහිටියන් කිසිවෙකුත් නොමැති බවත් තම කුඩා සහෝදරයා නිවසේ තනි කොට ඒමට නොහැකි බව පැවසුවත් ඔවුන් එය මායිම් නොකර තමන්ට බළකොට පොලිසිය වෙත රැගෙන ගිය බවයි එම දරුවා ප්‍රකාශ කර සිටියේ.
කිසියම් පිරිසක් විසින් සොරකම් කරන ලද බව කියන කුරුඳු තොගයක් මිලදී ගත් මෙම පුද්ගලයා පොලිසිය පැමිණ ඇති අතර ඔහු නිවසේ නොසිටීම හේතුවෙන් එම නිලධාරින් විසින් අදාළ පුද්ගලයාගේ දරුවා එලෙස පොලිසියට රැගෙන ගොස් තිබුණා.
තාත්තා වෙනුවට, පොලීසියට කුදලාගෙන පුතාමාධ්‍යයට කතා කරයි..!
Posted by Headline News on Tuesday, 9 June 2020