මෙවර මහ මැතිවරණයට තරග කරනු ලබන ප්‍රධාන අපේක්ෂකයින් තිදෙනාගේ මනාප අංක මේ වන විට නිකුත් වී තිබෙනවා.
ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙවර මහ මැතිවරණයට අංක 17 යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයට තරග කරනු ලබනවා.
කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වදිනු ලබන එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මනාප අංකය වන්නේ අංක 15 බවයි අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන්ව ඇත්තේ.
සමගි ජනබලවේගය පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා තරග කරනු ලබන සජිත් ප්‍රේමදාස ගේ මනාප අංකය වන්නේ අංක 20 යි.