මහ මැතිවරණයේදී සිදු කිරිමට යන වෙනසක් ගැන මහාචාර්ය හුල් හෙළි කරයි

June 7, 2020 at 11:05 AM

ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජිවන් හුල් තවත් හෙළිදරව්වක් සිදුකර තිබෙනවා.

ඒ ඔහු විසින් දමිළ මාධ්‍ය ආයතනයක් සමග පසුගියදා සිදුකළ සම්මුඛ සාකච්ජාවේදී.

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ජන්ද දායකයින්ගේ ඇඟිලි ලකුණු කිරිමේදී මැතිවරණ කොමිසම විසින් නව ක්‍රමවේදයක් අනුගමනය කිරිමට සැලසුම්කරමින් සිටින බවයි මහාචාර්ය හුල් ප්‍රකාශ කර සිටියේ.

කොවිඩ් 19 වසංගතය හමුවේ මැතිවරණය පැවැත්වීමේදී සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කළ යුතු බැවින් ජන්දය සලකුණු කිරීමට පැමිණෙන ජන්ද දායකයාගේ ඇඟිලි පාට කිරිම සඳහා “ස්ප්‍රේ වර්ගයක්” යොදා ගැනීමට මැතිවරණ කොමිසමේ සාමාජිකයින් සාකච්ජා පවත්වා ඇති බවට මෙහිදී මහාචාර්ය රත්නජීවන් හුල් ප්‍රකාශ කර සිටියේ.

එමෙන්ම මහ මැතිවරණය පැවැත්වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද අදහ ලබා ගත යුතු බව මෙහිදී මහාචාර්යවරයා ප්‍රකාශ කර සිටියා.