දිස්ත්‍රික්ක අතර පොදු ප්‍රවාහන සේවා හෙට සිට ඇරඹේ

June 7, 2020 at 7:45 PM

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතව කොළඹ, ගම්පහ ඇතුලූ සියලූ දිස්ත්‍රික්ක අතර මගී ප්‍රවාහන සේවා හෙට සිට ආරම්භ කිරීමට තීරණය කළ බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

අද පස්වරුවේ මෙම තීරණයට එළඹි බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

ඒ අනුව බස් රථ මෙන්ම දුම්රිය ධාවනය ද හෙට සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.