රත්මලාන, මොරටුව යන ප්‍රදේශවල මනුෂ්‍ය ඝාතන කිහිපයක් ඇතුළු අපරාධ සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙක් වන සංවිධානාත්මක අපරාධකරුවෙකු බල්ලපාන, දිවුලපිටිය ප්‍රදේශයේදී පොලිස් වෙඩි ප්‍රහාරයකින් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
ක්‍රීඩක ධනංජය සිල්වා ගේ පියාවන දෙහිවල ගල්කිස්ස නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී රන්ජන් සිල්වා ඇතුළු පුද්ගල ඝාතන කිහිපයකට මොහු සැකකරුවෙක් වන බවයි වාර්තා වන්නේ.
මීට දින කිහිපයකට පෙර මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ හෝටලයකට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරිමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බවයි හෙළිවී ඇත්තේ.
මෙම අපරාධකරු බල්ලපාන ප්‍රදේශයේ පිහිටි නිවසක සැඟව සිටින ලද තොරතුරක් මත මෙම අපරාධකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරින් විසින් අද අලුයම 3.00 ට මෙහෙයුමක් දියත් කර සිටියා.
එම අවස්ථාවේදී සැකකරු විසින් පොලිසියට වෙඩි තැබීමක් සිදුකර ඇති අතර එහිදී පොලිසිය විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් “අඟුලානේ රාජු” නැමැත්තා ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.