දකුණු කොරියාවේ රැකියා කළ ලාංකිකයින් තිදෙනෙක් ජිවිතක්ෂයට

June 5, 2020 at 3:33 PM

දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු සතියක කාලයක් තුලදී ජිවිතක්ෂයට පත්ව ඇති බව එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කර සිටිනවා.

මෙම ලාංකිකයින් තිදෙනා ගෙන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇත්තේ අධික බීමත්කම නිසා ඉහළ සිට පහතට වැටීමෙන්, සියදිවි නසා ගැනීමක් හේතුවෙන් වන අතර එක් මරණයක් පුද්ගල ඝාතනයක් හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කලේ හැකි ඉක්මනින් මෙම ලාංකිකයින් තිදෙනාගේ දේහයන් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවයි. කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ගුවන් ගමන් සීමාවී තිබීම ප්‍රධාන බාධාවක් වී තිබෙනවා.

මේ වන විට ශ්‍රී ලාංකිකයින් තිස්දහසක් පමණ දකුණු කොරියාවේ සේවයේ නිරත වනවා.