ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 48 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1797 දක්වා ඉහළ ගියා. එලෙස වාර්තා වූ ආසාදිතයින්ගෙන් 40 දෙනෙකු හමුදා සාමාජිකයින් වනවා.
ඊට අමතරව ඉන්දියාවේ සිට පැමිණි 03 දෙනෙකු, බංග්ලාදේශ ජාතිකයින් දෙදෙනෙකු සහ ඩුබායි සිට පැමිණි පුද්ගලයෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.
ඒ අනුව මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 839 දක්වා ඉහළ ගොස් තිබෙනවා. රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයන් සංඛ්‍යාව 940 දෙනෙකු වනවා.