අළුත්ගම සිද්ධියේ පොලිස් නිලධාරින් 03ක ගේ වැඩ තහනම්

June 5, 2020 at 8:10 PM

අළුත්ගම පොලිස් වසමේ අඹගහ හන්දිය අසල පිහිටි පොලිස් මාර්ග බාධකය අසල සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනයකට අනුව රාජකාරි පැහැර හැරිමක් සිදුකර ඇති බවට කරුණු අනාවරණය වීම හේතුවෙන් පොලිස් නිලධාරින් තිදෙනෙකුගේ වැඩ තහනම් කිරිමට කළුතර පොලිස් අධිකාරිවරයා විසින් නියෝග කර තිබෙනවා.

මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ උප පොලිස් පරීක්ෂකවරයෙක්, පොලිස් සැරයන්වරයෙක් සහ පොලිස් කොස්තාපල්වරයෙකු ගේ බවයි වාර්තා වන්නේ.