අන්තර්ජාලයේ ෆේස්බුක් යෙදවුම හෙවත් ඇප් එක කළු පැහැගන්වන්නට එම සමාගම කටයුතු කර ඇත.
ෆේස්බුක් ප්‍රධානියා මාක් සකර්බර්ග් මීට පෙර පවසා තිබුණේ කළු ජාතිකයින්ගේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් තමන්ද පෙනි සිටින බවයි.
ඒ අනුව මේ දිනවල ඇමෙරිකාවෙන් ඇරඹී ලොව පුරා රටවල් කිහිපයක ක්‍රියාත්මක වන කලු ජාතික ජනතාවගේ ජීවන අයිතිය ඉල්ලන සටනට ෆේස්බුක් මෙලෙස සහය පළ කර ඇති බව පෙනෙන්නට තිබේ .