ඉන්දියාව සහ ශ්රී ලංකාව ඇතුළු සමස්ත දකුණු ආසියාවේ රටවල් වලින් අවම මිලකට ඉන්ධන ලබා දෙනු ලබන රට ලෙස පාකිස්ථානය පත්ව තිබෙනවා. ඒ ඊයේ රාත්රියේදී එරට අග්රාමාත්ය ඉම්රාන් ඛාන් විසින් සිදුකළ මිල සංශෝධනයක් අනුවයි.
අද (01) සිට ක්රියාත්මක මිල සංශෝධනය අනුව පෙට්ට්රල් ලීටරයක් රුපියල් 7.06 කින්, භූමිතෙල් ලීටරයක් රු.11.8 කින් ද පහත දමා තිබෙනවා.
මිල අඩු කිරිම සම්බන්ධයෙන් ට්විටර් ගිණුම ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් අගමැති ඉම්රාන් ඛාන් ප්රකාශ කර සිටියේ දකුණු ආසියාවේ අඩුම මිලකට ඉන්ධන ලබා දෙන රට බවට පාකිස්ථානය පත්ව ඇති බවයි.