කුරුණෑගල ට ආවේ ඉන්දියාවේ කාන්තාර පළඟැටි උවදුර ද!

May 31, 2020 at 8:21 PM

 

මේ දකුණු අප්‍රිකානු රටවල් රැසක් පසුගියදා මුහුණ දුන් කාන්තාර පළඟැටි අර්බුදයේ අසල්වාසී ඉන්දීය අත්දැකීමයි.

රාජස්ථාන් උත්තර් සහ මධ්‍ය ප්‍රදේශ් වැනි උතුරු ඉන්දීය ප්‍රාන්ත වල පැතිර යන මේ පළඟැටි උවදුරේ බලපෑමයි මේ.

මෙරට කුරුණෑගල මාවතගම ප්‍රදේශයේ වගා බිම් වනසන පළඟැටි උවදුරක් ද මේ අතර වාර්තා විය.

සියලු භව භෝග වනසන මේ සත්වයින් ඉන්දියාවේ පළඟැටියන්ම දැයි සෙවීමට පරීක්ෂණ ක්‍රියාත්මකයි.

නමුත් මෙරට කෘෂිකර්ම බලධාරීන් විශ්වාස කරන්නේ මෙවුන් මෙරටට ආවේණික පළඟැටි විශේෂයක ව්‍යාප්තියක් බවය.

කෘෂිකර්ම උපදෙස් අනුව පලිබෝධ නාශක යොදා මොවුන් පාලනය කරන්නැයි ඔවුහු ගොවීන්ට පවසති.

කුරුණෑගල පළඟැටියන් ගේ ඡායාරූප.සුනිල් පැල්ලන්දෙනිය ගෙනි