පොලීසියේ තුනකට වැඩ වරදී..!

May 30, 2020 at 12:24 PM

2020.05.29 දින ගල්කිස්ස පොලිස් වසමේ සොයිසාපුර මාර්ග බාධකය ඉදිරිපිට 160/02 , සොයිසාපුර ලිපිනයේ පිහිටි ලක්මැදුර හෝටලයට කාර් රථයකින් පැමිණි පිරිසක් විසින් වෙඩි තබා පලා යාමට ඉඩදීම,
එම සැකකරුවන් අත්අඩංගුවට නොගැනීම,

යන කරුණු මත ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව එදින එම අවස්ථාවේ සොයිසාපුර මාර්ග බාධකයේ රාජකාරී නියුතුව සිටි පොලිස් සැරයන්වරයෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඇත.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි ගල්කිස්ස දිස්ත්‍රික් 1 භාර පොලිස් අධිකාරීවරයා මෙම පියවර ගෙන ඇත.