හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න යළිත් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
රාජිත සේනාරත්න අද දිනයේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජුනි මස 10 වනදා තෙක් යලි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය හමුව පැවැත්වීමේ සිද්ධියට අදාලව රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා පසුගිය 13 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනුණා.
