සිය කාර්යමණ්ඩල සාමාජිකයින් පස් දෙනෙකුට නව කොරෝනා වෛරසය වැළදීම හේතුවෙන් වසා දමා තිබු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි අබුඩාබි තානාපති කාර්යාලය අද (26) යලි විවෘත කර තිබෙනවා.
තානාපති කාර්යාලයේ සේවාවන් ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින් තමන් අපේක්ෂා කරන සේවාව පිලිබඳ කෙටි විස්තරයක් consular.slembabudhabi@mfa.gov.lk යන ලිපිනයට විද්‍යුත් පණිවිඩයක් යොමු කිරිම මගින් තානාපති කාර්යාලයට පැමිණීම සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කර ගත හැකි බවට දන්වා සිටිනවා.