කොවිඩ්19 හමුවේ විදෙස් රටවලින් මෙරටට ශ්රීලාකිකයින් ගෙන ඒමේ වැඩසටහන යලි සමාලෝචනය කිරීමට රජය තීරණය කර තිබේ .
ඒ පසුගිය දින වල මෙරටට රැගෙන ආ බොහෝ ශ්‍රීලාංකික පිරිස් කොවිඩ්19 ආසාදිත වීම හේතුවෙන්.
කුවේට් සිට මෙරටට ආ කාන්තාවක් අද මියගියේ නිරෝධායන මධ්‍යස්ථානයක සිටියදී රෝගාතුර වීමෙන්. ඇයට ද කොවිඩ්19 වෛරසය ආසාදිත වී තිබිණි.
මේ වන විට කුවේට් සිට පැමිණි බොහෝදෙනා කොවිඩ්19 ආසාදිත වීමත් සැලකිල්ලට ගනිමින් කුවේ හා කටාර් සිට ශ්‍රීලාංකික පිරිස් මෙරටට ගෙන්වීම පමා කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව හෙට දෝහා සිට මෙරටට ශ්‍රීලාංකික පිරිසක් රැගෙන ඒමට නියමිත ගුවන් යානව අවලංගු කරතිබේ.