ඉදිරියේදී විදේශ ගතව සිටින ලාංකිකයින් යලි මෙරටට ගෙන්වා ගැනීම සීමා කිරිමට රජය විසින් පියවර ගනු ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටිනවා.
සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා මේ බව කියා සිටියේ විදේශ ගතව සිට පැමිණි පුද්ගලයින් 72 ක් ඉතා කෙටි කාලයක් තුලදී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති පසුබිමක් මතයි.
මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ ඩුබායි, කුවේට්, ඉන්දුනීසියාව සහ ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයින්ට බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියා.
විදේශ ගතව සිට පැමිණි ඇතැම් පුද්ගලයින්ට ඔවුන් සේවය කළ රටේදී ක්‍රමවත් ලෙස හා මානුෂිය අයුරින් සෞඛ්‍ය පහසුකම් ලබා නොදීම ඛේදනීය තත්ත්වයක් බව මෙහිදී ඔහු සඳහන් කර සිටියා.
” පසුගිය කාලය තුලදී දිනයක් තුල ගුවන් යානයක් බැගින් විදේශ රටවල සිට පැමිණියා. එසේ පැමිණෙන පිරිස නිරෝධායන ක්‍රියාවලියට යොමු කිරිමේදී එම මධ්‍යස්ථානවල ඉඩ පහසුකම් අවම වීම ඉදිරියේදී එක් ගැටලුවක් වනවා.
මේ හේතුව මත ඉදිරියේදී විදේශ ගතව සිටින ලාංකිකයින් යලි මෙරටට ගෙන්වීමේදී යම් කාල පරතරයක් ඇතිව ගෙන්වීමට රජය විසින් පියවර ගනු ඇති බවට බලාපොරොත්තුවන බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියා.
කුවේට් සිට මෙරටට ගුවන් යානා දෙකක් පැමිණියා. ඔවුන් අතර කොරෝනා ආසාදිතයින් සිටි වාර්තා වී ඇති බැවින් ඉදිරියේදී සිදුකරනු ලබන PCR පරීක්ෂණ මගින් තවත් ආසාදිතයින් හමුවේවි යැයි බලාපොරොත්තු වෙනවා” සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියා.