පකිස්තානයේ කරච්චි නගරයේ ජනාකීර්ණ ප්‍රදේශයකට කඩා වැටුණු ගුවන් යානයේ මගීන් දෙදෙනෙකු දිවි බේරාගෙන තිබෙනවා.
මොහොමඩ් සුබෙයිර් නම් එක් මගියෙකු පවසා ඇත්තේ යානය කඩා වැටෙන බව අවසන් මොහොත වන තෙක්ම මගීන් කිසිවෙකු නොදත් බවයි.
එක් වරම සිහි නැතිවූ තමා ට සිහිය එන විට ‘වටේටම ගින්දර’ බව ඔහු මාධ්‍යයට පවසා ඇත.
කෙසේ වෙතත් ඔහු සුන් බුන් අතරින් පිටතට රිංගා එන විට සහන සේවා අංශ ඔහු බේරාගෙන රෝහල් ගත කර ඇත.
‘මට එතැන දී සිහිය එද්දී හැමෝම විලාප දෙනවා ඇහුණා.සීට් බෙල්ට් එක ගලවලා මම එක්තරා එළියක් කරා එන්නපටන් ගත්තා. අඩි කිහිපයක් පහලට පනින්නත් සිදු වුණා’
සුබෙයිර් රෝහලේ දී වැඩිදුරටත් කීය.