ලංකා ගමන ගමන මණ්ඩලයේ වත්මන් තත්ත්වය විමර්ශනය සඳහා අද (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළා.
සතියේ දිනවල පෙරවරුවේ සහ පස්වරුවේ දැඩි මාර්ග තදබදයක් පවතීන බැවින් එය සමනය කරනු පිණිස සිය මෝටර් රථයෙන් කාර්යාලවලට යන පිරිස් පොදු ප්‍රවාහන සේවයට එක් කර ගැනීමේ වැදගත්කම ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. ඊට පිළියමක් ලෙස තෝරාගත් ස්ථානයක මෝටර් රථය නවතා සේවා ස්ථානයට බස් රථයෙන් ගමන් කිරීමට අවශ්‍ය ක්‍රමවේදයක් (Park and Drive) කඩිනමින් හඳුන්වා දෙන්නැයි ජනාධිපතිතුමා යෝජනා කළ අතර ඒ සඳහා උපරිම පහසුකම් සහිත බස් රථ ඊට එක්කළයුතු බවද මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කර සිටියා.
පාසල් සිසුන් සඳහාම ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙමින් පාසල් බස් සේවය ප්‍රවර්ධනය කළයුතු ඇතැයි ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා. පාසල් බස් රථ කහ පාට ගන්වා මහා මාර්ගයේ දී ප්රමුඛත්වයක් ලැබෙන ආකාරයෙන් ධාවනය කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණ.
ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ සහ පෞද්ගලික බස් රථ වර්ණ දෙකක් යටතේ ධාවනයට යෙදවීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා.
සේවක දිරිගැන්වීම, අලුත් ක්‍රම හඳුන්වාදීම, නාස්තිය අවම කිරීම සහ හොරකමට තිත තැබීම සඳහා විධිමත් පියවර අනුගමනය කිරීම ගැන ද සාකච්ඡාවට ලක් විය. ආයතනය දියුණු කිරීම පිණිස නිරන්තර පර්යේෂණ සහ සමීක්ෂණ සිදු කළයුතුව ඇතැයි ද ජනාධිපතිතුමා ප්‍රකාශ කර සිටියා.
4500 ක පමණ දක්ෂ කාර්මික නිලධාරීන් කණ්ඩායමක් ලංකා ගමනා ගමන මණ්ඩලයේ සිටියි. ඔවුන්ගෙන් උපරිම ප්‍රයෝජන ගෙන ආයතනයෙන් පිටත නඩත්තු කිරීම් සඳහා ඇණවුම් භාරගැනීමෙන් මුදල් ඉපැයිය හැකි බව ජනාධිපතිතුමා සඳහන් කර සිටියා. ප්‍රයෝජනයට නොගත් විශාල භූමි ප්‍රමාණයක් ලංගම සතු බවත් එම ඉඩම් නිසි කළමනාකරණයෙන් ද මුදල් ඉපැයිය හැකි බව මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දෙනු ලැබුවා.