මෝඩි ,අම්ෆන් ගැන සාකච්ඡාවක. ඔඩිස්සා ප්‍රාන්තය තැති ගනී

May 20, 2020 at 12:32 AM

ශ්‍රීලංකාවේ අයහපත් කාළගුණික තත්වය ට මුල්වූ අම්ෆන් සුලිකුණාටුව ඉන්දියාවේ ඔඩිස්සා ප්‍රාන්තයට කඩා වැදීමට නියමිතයි.

පැයට කිලෝමීටර් 240ක වේගයෙන් ඉන්දියාවට එන අම්ෆන් , 1999 ඔඩිස්සා සුලිකුණාටුව ට පසු දරුණුතම සුලිකුණාටුව බවට අනාවැකි පළකර තිබේ.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි අද කාළගුණ බලධාරීන් සමග එහි බලපෑම ගැන සාකච්ඡා කළේය.

පවතින කොවිඩ්19 වසංගත තත්ත්වය හේහේතුවෙන් සුලිකුණාටුව ඉන්දියාවට දැඩි බලපෑම් එල්ල කරනු ඇති බවට අනතුරු අඟවා ඇත.