මාස එකහාමාරකට පසු ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලට ගෙවන අගය ඊයේ (15) 190න් මෙපිටට පැමිණ තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඊයේ (15) ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 184.89ක් ලෙසත් විකුණුම් මිල 189.99ක් ලෙස සටහන් වී තිබුණි.
‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉකුත් අප්‍රේල් 8 වැනිදා රුපියල් 200 සීමාව ද ඉක්මවා ගියේ ය.
මෙලෙස ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 190 සීමාවෙන් මෙපිටට පැමිණියේ මාර්තු 20 වැනිදායින් පසුව ය.
ජනවාරි 1 වැනිදා සිට මැයි 6 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 3.9 % කින් අවප්‍රමාණය වී තිබේ.
භාණ්ඩ ආනයනයට පනවා තිබෙන සීමාවන් මෙලෙස රුපියල ශක්තිමත් වීමට හේතු වී තිබේ.