කර්මාන්ත අමාත්‍යංශයට අයත් කළුතර කර්මාන්තපුරයේ විවිධ නිෂ්පාදනයන් කරමින් සිටින සහ මින් පෙර නව නිපැයුම් කිහිපයක්ම නිර්මාණය කල නිර්මාණකරුවෙක් වන අරුණ සමරවික්‍රම මහතා විසින් ලිපි ද්‍රව්‍ය ඇතුළු කඩදාසිවල ඇති විෂබීජ විනාශ කළ හැකි යන්ත්‍රයක් මේ.
රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ සේවකයන් ඉදිරියේදි සිය කාර්යාල ආශ්‍රිතව රාජකාරි සිදුකිරීමේදී ලිපි ද්‍රව්‍ය ආශ්‍රිතව පැතිරිය හැකි කොවිඩ් ඇතුළු වෛරසයන් විනාශ කිරීමේ අරමුණින් මෙම නිර්මාණය සිදුකර තිබේ.
මෙහිදී ඔහු විසින් නිර්මාණය කර ඇති එම ලිපි ද්‍රව්‍ය ඇතුළු කඩදාසිවල ඇති විෂබීජ විනාශ කළ හැකි යන්ත්‍රය පිළිබද අදහස් දක්වමින් කියා සිටියේ එම යන්ත්‍රය මගින් සෙල්සියස්අංශක 200°ක උපරිමය තෙක් රත්කිරීමේ හැකියාව ඇති බව ය.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කරන ලද වාර්තාවේ පරිදි කොරෝනා ඇතුළු විෂබීජ සෙල්සියස් අංශක 70° දී විනාශ වී යන බැවින් මෙම යන්ත්‍රය මගින් ඉතා පහසුවෙන් ලිපි ද්‍රව්‍ය ඇතුළු කඩදාසිවල ඇති විෂබීජ විනාශ කිරීමේ හැකියාව පවතින බව නිර්මාණකරුවා කියයි.
මෙම නිර්මාණයට දැනට ලැබුණු ඇණවුමක් අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙනුවෙන් නිර්මාණය කොට අවසන් අතර තැපැල් දෙපාර්තමේනේතුව සහ පෞද්ගලික බැංකු ඇතුළු ආයතන බොහොමයකින් දැනටමත් ඇණවුම් ලැබී ඇත.
කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ ඇමතිවරයාගේ මගපෙන්වීමෙන් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ මහතා ඊයේ (14) එම නව නිපැයුම්කරුවා මුණගැසි ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ අතහිත ලබාදීමට එකඟවී තිබේ.