හිටපු ඇමති රාජිත නිරෝධායන කඳවුරකට. උසාවියේදී නීතීඥ වරු ඉල්ලූ දේ.!

May 14, 2020 at 12:48 AM

ලබන 27 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකල රාජිත සේනාරත්න මහතා යොමු කෙරුණේ මීගමුව පල්ලන්සේන තරුණ රැඳවියන් විශෝධනය කෙරෙන මධ්‍යස්ථානය වෙතටයි.

පවතින කොවිඩ්19 වසංගතය හේතුවෙන් රිමාන්ඩ් සැකකරුවන් සාමාන්‍යයෙන් යොමු කෙරෙන්නේ එම ස්ථානයටයි.

එහි නිරෝධායනය අවසන් වූ පසු වෛද්‍ය පරීක්ෂණයකින් පසු අදාල රිමාන්ඩ් බන්ධනාගාර වෙත ඔවුන් පසුව යොමු කෙරෙනවා.

අද අධිකරණයේදී ඔහුගේ නීතීඥ වරු ඉල්ලා සිටියේ රට තුළ කොවිඩ්19 වසංගතය පවතින අවස්ථාවක් බැවින් හදවත් රෝගියෙකු ද වන සේනාරත්න මහතා රිමාන්ඩ් කිරීම නොකරන ලෙසයි.

ඒ ඔහුට කොවිඩ් ආසාදිත වීමේ ඉඩකඩක් පවතින නිසා බව ඔවුන් පෙන්වා දුන්නා.

කෙසේ වෙතත් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඊට විරෝධය පළකළා.

කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඔහුව රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කළා.

අද රාත්‍රී 10.20ට පමණ රාජිත සේනාරත්න මහතා මීගමුව පල්ලන්සේන මධ්‍යස්ථානය වෙත රැගෙන ආවා