කොළඹ නගනගරාධිපතිනිය විවෘත කළ දුම් හට්ටිය.!

May 14, 2020 at 1:00 AM

කොළඹ නගර සභාවේ සේවකයන් ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් එහි ආයුර්වේද වෛද්‍ය දෙපාර්තමේන්තුව විශබීජහරණ කුටියක් ඉදිකර තිබෙනවා.

ඒ ආයුර්වේදයේ එන පෞරාණික දුම් හට්ටිය ගුරුහරුකම් කොට ගනිමින්.

කොළඹ නගරාධිපතිනිය රෝසි සේනානායක මහත්මිය එය විවෘත කළා.

මෙහි සෙල්සියස් අංශක 50ක පමණ උශ්නත්වයකින් ආයුර්වේද ද්‍රව්‍ය වාෂ්පයක් නිකුත් කරන කුටියක්.

එමගින් ශ්වසන පද්ධතියේ ප්‍රතිශක්තිය ඉහළ දැමීමද සිදුවනවා.