ඇඳිරිනීතිය පවතින පරිසරයක සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම යටතේ අද සිට ආසන ප්‍රමාණයෙන් මගීන් ගෙන යාමට අවසර හිමි වනවා.
මේ අනුව ඇඳිරිනීතිය නොපවතින දිස්ත්‍රික්ක වල දුම් රිය ,බස් වල මෙතෙක් දුරස්ථකරණ ප්රමිතීන් අනුව සැපයූ ආසන ප්‍රමාණය දෙගුණ කෙරෙනවා.
කෙසේ වෙතත් මෙහි ගමන් කළ හැක්කේ තවදුරටත් රාජකාරි කටයුතු සඳහා පමණයි.
පොදු ප්‍රවාහන පහසුකම් සඳහා එහි අවසර හිමිවන්නේ නැහැ.
කෙසේ වෙතත් අත්‍යවශ්‍ය කරුණක් වෙනුවෙන් ප්මණක් පොදු ජනතාවට සේවා භාවිත කළ හැකියි.
මේ අතර අද සිට පුද්ගලික බස් ද සේවයට එක් කිරීමට නියමිතයි.