
දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් විසින් පසුගියදා එල්.ටී.ටී.ඊ සංවිධානය විවේචනය කරමින් සිදුකරන ලද ප්‍රකාශයක් උතුරේ දෙමළ දේශපාලන නායකයන්ගේ දැඩි විවේචනයට ලක්ව තිබේ.
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් සිදු කරණ ලද සන්නද්ධ අරගලය තමන් පිළිනොගන්නා බව පැවසූ අතර එය උතුරේ දේශපාලන පක්ෂ නායකයන් දැඩි විවේචනයට ලක් කොට තිබේ.
උතුරේ හිටපු මහ ඇමති සිවි විග්නේශ්වරන් මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රීවරුන්ද සුමන්තිරන් හිටපු මන්ත්‍රීවරයාට සිය විරෝධය පළකරමින් ප්‍රකාශ නිකුත් කොට තිබේ.
අද දින යාපනය නගරයේ සුමන්තිරන් හිටපු මන්ත්‍රීවරයාගේ අනුරුවක් සෙරෙප්පු සමග එල්ලා ඔහුට විරෝධය පළකර තිබුණි.
செருப்பு மாலை அணிவிக்கப்பட்டு யாழில் வைக்கப்பட்டிருந்த சுமந்திரனின் உருவப் பொம்மைhttps://t.co/oDEH8i5ukM#lka #Sumanthiran #Srilanka pic.twitter.com/p5ZysCHLGm
— Virakesari (@virakesari_lk) May 13, 2020