මුඛ ආවරණ,අත් සෝදන දියර, අත් වැසුම් ආදී කොරෝනා වෛරසයයෙන් ආරක්ෂා වීම සඳහා යොදා ගන්නා නිෂ්පාදන 11ක ප්‍රමිතිය මේ වන විටත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් සකස් කර ඇතැයි උසස් අධ්‍යාපන,තාක්ෂණ,නවෝත්පාදන ,තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඉදිරියේදී මෙම නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳ පළට ඉදිරිපත් කිරීම සඳහා ප්‍රමිති සහතිකය අත්‍යාවශ්‍ය බව ඔහු සඳහන් කළේය. ඒ අනුව මෙම නිෂ්පාදන වල ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ප්‍රමිති නිර්ණායක සකස් කර තිබේ.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සිද්ධිකා සේනාරත්න මහත්මිය සඳහන් කළේ මෙම නිෂ්පාදන ජාත්‍යන්තරයට අලෙවි කිරීම සඳහා හොඳ අවස්ථාවක් ඇති නමුත් එය ප්‍රමිතියකට අනුව සිදු කළ යුතු බවයි.
ප්‍රමිතිය භාවිතා කිරීමට එතරම් නැඹුරුවක් දක්නට නොමැති බව පැවසූ ඇය නිෂ්පාදකයින් මෙම නිෂ්පාදන සිදු කිරීම ආරම්භයේදීම නියමිත ප්‍රමිතීන්ට අනුව එය සිදු කරන මෙන් ඉල්ලා සිටියාය.